WELCOME TO AUTUMNLANE !!
විවාහ​ය දවසේ Bouquet එක විසි කරන්නේ නැතුව හැමදාටම මතකයක් කරගන්නේ කොහොමද? (Top 5 Ideas)
Bridal KeepsakesResin JewelryHome Decor

විවාහ​ය දවසේ Bouquet එක විසි කරන්නේ නැතුව හැමදාටම මතකයක් කරගන්නේ කොහොමද? (Top 5 Ideas)

මෙම ලිපිය සිංහල භාෂාවෙන් කියවමින් පවතී.
පළ කළ දිනය 2026-05-155 මිනිත්තු කියවීම් කාලයකර්තෘ Lakmini Kaushalya
බෙදාහරින්න:

මල් බඳුනෙන් ඔබ්බට: මංගල මල් සදාකාලික මතක සැමරුමක් කරගන්නේ කෙසේද?

හැම මනමාලියකටම තමන්ගේ වෙඩින් Bouquet එක කියන්නේ මුළු ජීවිතේම තියෙන ලස්සනම මතකයන්ගෙන් එකක්. හැබැයි වෙඩින් එක ඉවර වෙලා දවස් දෙක තුනක් යද්දී මේ මල් ටික පර වෙලා, හැලිලා යනවා දකිද්දී ලොකු දුකක් දැනෙනවා නේද?

ඒ ලස්සන මල් ටික පර වෙලා යන්න නොදී, ඔයාගේ ගෙදර හැමදාම තියාගන්න පුළුවන් ලස්සන Keepsakes (සමරු සිහිවටන) බවට පත් කරගන්න පුළුවන් සුපිරි ක්‍රම 5ක් මෙන්න.

1. Resin Blocks විදිහට හැමදාටම සඟවලා තියන්න

දැන් තියෙන ජනප්‍රියම වගේම ලස්සනම ක්‍රමයක් තමයි මේක. මල්වල ස්වභාවික හැඩය සහ පාට ඒ විදිහටම රැකගෙන, වීදුරුවක් වගේ පැහැදිලි Resin Block එකක් ඇතුළේ ඒ මල් තැන්පත් කරන්න පුළුවන්.

  • විවිධ හැඩයන්: Hexagon (ෂඩාස්‍රාකාර), Sphere (බෝල හැඩැති) හෝ Arch (ආරුක්කු හැඩැති) 3D blocks විදිහට හදාගෙන සාලේ ටේබල් එකකින් හෝ පොත් රාක්කයකින් තියන්න පුළුවන්.
  • නමේ මුල් අකුර (Monogram): ඔයාගේ සහ මහත්තයාගේ නමේ මුල් අකුරු හැඩයට මේ මල් දාලා ලස්සන Blocks හදාගන්නත් පුළුවන්.

2. මල් පෙතිවලින් ඇඟලාගෙන ඉන්න පුළුවන් ආභරණ හදන්න (Resin Jewelry)

ඔයා යන යන තැන ඔයාගේ වෙඩින් එකේ මතකය අරන් යන්න කැමති නම්, Bouquet එකේ මල් පෙතිවලින් ලස්සන ජුවලරි හදාගන්න පුළුවන්.

  • Pendants සහ මාල: Bouquet එකේ රෝස මල් පෙත්තක් හෝ බේබි බ්‍රෙත් මලක් දාලා හදන මාල පෙන්ඩන්ට් එකක් ඔයාගේ හදවතටම සමීප මතකයක් වේවි.
  • මුදු සහ වළලු: මල් පෙති එකතු කරලා හදන clear මුදු සහ වළලු ඔයාට පස්සේ කාලෙක දුවෙකුට වුණත් දෙන්න පුළුවන් වටිනා තෑග්ගක්.

3. Elegant Floating Frames (බිත්තියේ එල්ලන පින්තූර රාමු)

ක්ලැසික් සහ වින්ටේජ් (Vintage) පෙනුමකට කැමති මනමාලියන්ට මේක කියාපු ක්‍රමය. මල් ටික Flat වෙන්න Press කරලා, වීදුරු දෙකක් මැදින් ලස්සනට Frame කරන්න පුළුවන්.

මේ Frame එක ඇතුළට මල් විතරක් නෙවෙයි, ඔයාලගේ වෙඩින් ඉන්විටේෂන් කාඩ් එක (Wedding Invitation), වේල් එකේ කෑල්ලක් (Veil Lace) හෝ ඔයාලගේ ලස්සන වෙඩින් ෆොටෝ එකක් වුණත් එකතු කරන්න පුළුවන්.

4. ගෙදර පාවිච්චියට ගන්න පුළුවන් Luxury බඩු (Functional Decor)

ඔයාගේ මල් ටික නිකන්ම රාක්කෙක තියනවාට වඩා හැමදාම පාවිච්චි වෙන දෙයකට ගන්න පුළුවන් නම් තවත් වටිනවා නේද?

  • Resin Coasters: තේ කෝප්ප, වීදුරු තියන්න ගන්න Coasters 4ක් හෝ 6ක් මේ මල් දාලා හදාගත්තම සාලෙට එන අයටත් ඒක ලොකු ආකර්ෂණයක් වේවි.
  • Vanity Trays: ඔයාගේ සුවඳ විලවුන් බෝතල්, මේකප් බඩු හෝ ඩේලි දාන ජුවලරි තියන්න ගන්න පුළුවන් ලස්සන ලොකු ට්‍රේ (Tray) එකක්.
  • Bookends: ඔයාලා පොත් කියවන්න කැමති ජෝඩුවක් නම්, වෙඩින් ඇල්බම් එක දෙපැත්තෙන් තියන්න පුළුවන් බර Floral Bookends හදාගන්න පුළුවන්.

5. උදව් කරපු අයට දෙන්න පුළුවන් "Thank You" තෑගි

ඔයාගේ Bouquet එකේ මල් විතරක් නෙවෙයි, Bridesmaidsලාගේ bouquets සහ Table decors වල මල් එකතු කරලා ඔයාගේ ළඟම අයට වටිනා තෑග්ගක් දෙන්න පුළුවන්.

ඔයා වෙනුවෙන් මහන්සි වුණු අම්මාට, නැන්දම්මාට හෝ Maid of Honorට ඔයාගේ මල් පෙති දාපු ලස්සන Resin Keychain (කීටැග්) එකක්, මුදු තියන පුංචි ඩිෂ් එකක් (Ring Dish) තෑගි කරන එක හරිම සංවේදී වගේම කවදාවත් අමතක නොවන වැඩක්.

Autumn Lane වෙතින් ඔයාගේ මතකයන් සංරක්ෂණය කරගන්න

අපි Autumn Lane එකෙන් කරන්නේ ඔයාගේ ජීවිතේ ඒ ලස්සනම දවසේ මතකය කවදාවත් පර නොවෙන, UV-resistant Premium Resin Keepsake එකක් බවට පත් කරන එකයි.

ලංකාවේ වෙඩින් සීසන් එකට අපේ Slots ඉක්මනින්ම පිරෙන නිසා, ඔයාගේ වෙඩින් එකට කලින්ම අපිට මැසේජ් එකක් දාලා ඔයාගේ Slot එක වෙන් කරගන්න අමතක කරන්න එපා!

Lakmini Kaushalya

කර්තෘ පිළිබඳව: ලක්මිණී කෞෂල්‍යා

ලක්මිණී යනු Autumnlane Sri Lanka හි ප්‍රධාන මල් සංරක්ෂණ ශිල්පිනිය සහ නිර්මාණකාරියයි. ඇය මංගල පෝරුවේ මල් සහ මනාලියගේ මල් කලඹවල් සදාකාලික උද්භිද විද්‍යාත්මක සැමරුම් බ්ලොක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා විශේෂඥභාවයක් දක්වයි.