WELCOME TO AUTUMNLANE !!

මල් අප වෙත එවීමට උපදෙස්

දුරකථන අංක නාමාවලිය

ඔබට පහසු ඕනෑම කුරියර් සේවාවක් හරහා මල් එවිය හැකිය. මේ කුරියර් සේවාව හා එහි දුරකථන අංක ලබා දී ඇත්තේ ඔබගේ පහසුවට වන අතර පුද්ගලික හැඳුනුම්කමක් නොමැත. ලංකාවේ පවතින අනෙක් කුරියර් සේවා හා සසඳන විට මොවුන්ගේ ඉක්මන් ප්රවාහන සේවයක් ඇති නමුත් එක එක නගරයේ ඇති ශාඛා වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ඔබටත් මටත් වගකිව නොහැකි වේ.

කුරියර් ලිපිනය

W. L. K. Wijesuriya

C 42/1 Pallekanugala Amithirigala

Awissawella

071 4097071

කරුණාකර කුරියර් සේවාවට නම, ලිපිනය සහ නගරය යන සම්පූර්ණ තොරතුරු ලබා දෙන්න.

PickMe Flash හරහා ලැබීම

Pickme flash හරහා මල් එවීමට හැකි අයට ඒ ආකාරයෙන් ඉක්මනින් අපිට මල් එවීමට හැකිය. "Autumnlane" ලෙස අපගේ location එහි දිස්වේ.

Courier Branches

මල් කළඹ ආරක්ෂිතව අප වෙත එවන්නේ කෙසේද?

ඔබගේ විශේෂ මතකයන් රැගත් මල් කළඹ Flower Preservation එකක් සඳහා අප වෙත එවන විට, ඒවායේ නැවුම් බව සහ ගුණාත්මකභාවය රැකෙන පරිදි පහත පියවර අනුගමනය කරන්න.

1

පියවර 01: මල් කළඹ වෙන් කර ගැනීම

  • ප්රථමයෙන් මල් කළඹේ ඇති wrapping (දවටන) ඉවත් කරන්න.
  • මල් රඳවා ඇති කම්බි හෝ නූල් පරෙස්සමෙන් කපා, මල් එකින් එක වෙන් කර ගන්න.
  • මෙහිදී මල් පෙති හැලීමට ඉඩ ඇති බැවින් ඉතා මෘදු ලෙස මෙය සිදු කරන්න.
2

පියවර 02: මල් වියළිව තබා ගැනීම

  • මල්වල කිසිදු වතුර ගතියක් නොතිබිය යුතුය.
  • වතුර ගතිය තිබුණහොත් ප්රවාහනයේදී මල් තැම්බීමට හෝ හානි වීමට ඉඩ ඇත.
විශේෂ උපදේශය: මල්වල ගුණාත්මකභාවය උපරිමයෙන් රැක ගැනීමට නම්, පරක්කු නොවී හැකි ඉක්මනින් අප වෙත එවීමට වගබලා ගන්න.
3

පියවර 03: පත්තර කොළවලින් එතීම (Wrapping)

  • පත්තර කොළ කුඩා කොටස්වලට කපා ගන්න.
  • මල්වල දිග නටු අවශ්ය නොවන බැවින් ඒවා මඳක් කපා කොට කර ගන්න.
  • එක මල් වර්ගයක් බැගින් ගෙන පත්තර කොළයක තබා ගොට්ටක් ආකාරයට පරෙස්සමෙන් ඔතා සෙලෝ ටේප් (Sellotape) යොදා අලවන්න.
4

පියවර 04: ඇසුරුම් කිරීම (Packing)

  • විශාල මල් ප්රමාණයක් සඳහා: ශක්තිමත් කාඩ්බෝඩ් පෙට්ටියක් (Cardboard Box) තෝරා ගන්න. මල් එහා මෙහා නොවන සේ හිඩැස් නැතිව පෙට්ටිය තුළ අසුරන්න.
  • කුඩා මල් ප්රමාණයක් සඳහා (Budget Preservation): ප්ලාස්ටික් කෝප්පයක් හෝ කුඩා පෙට්ටියක් ගෙන පතුලට ටිෂූ (Tissue) දමා මල් වට්ටියකට අහුරනවාක් මෙන් හිඩැස් නැතිව අසුරන්න.

පියවර 05: අප වෙත එවන්න

  • ඇසුරුම් කළ මල් පෙට්ටිය කුරියර් සේවාවක් (Courier) හෝ PickMe Flash සේවාව හරහා අප වෙත එවන්න.
  • ඔබට අවශ්ය නම් සෘජුවම අප වෙත පැමිණ භාර දීමටද හැකිය.

වැදගත් දැනුම්දීමයි

ඔබගේ මල් ඇසුරුම කුරියර් සේවාව මගින් අප වෙත එවන සෑම අවස්ථාවකම, එහි පිටපත් අංකය (Tracking Number) අපගේ WhatsApp අංකයට එවීමට කාරුණික වන්න.

ඔබගේ මල් ඇසුරුම අප වෙත ලැබුණු දින සිට අවසාන නිර්මාණය නිම කර ඔබ වෙත නැවත එවීමට සාමාන්යයෙන් සති 4-6 ක කාලයක් ගත වේ.

කෙසේ වෙතත්, කාලගුණික තත්ත්වයන් මත මෙම කාලය සතියකින් පමණ වෙනස් විය හැකිය.

විශේෂයෙන් අධික වර්ෂාව හෝ වායුගෝලයේ තෙතමනය (Humidity) වැඩි අවස්ථාවලදී රෙසින් නිර්මාණයන් (Resin Art) කිරීමේදී ඉතා ප්රවේශම් විය යුතුය.

එවැනි තත්ත්වයන් යටතේ නිර්මාණය සිදු කළහොත් ඔබගේ වටිනා මතකයන් රැගත් මල් සහ සම්පූර්ණ නිර්මාණයම විනාශ වීමට ඉඩ ඇත.

එබැවින්, ඔබගේ මතකයන් උපරිම ගුණාත්මකභාවයෙන් සුරැකීම වෙනුවෙන්, අයහපත් කාලගුණික තත්ත්වයන් ඇති විට අප නිර්මාණය නිම කිරීම මඳක් ප්රමාද කරන බව කරුණාවෙන් සලකන්න..

ඔබේ මතකයන් සදහටම සුරකිමු

ඇණවුමක් ආරම්භ කරන්න